අ/හුරුළුවැව වම් ඉවුර මහා විද්‍යාලය

ළමා දින සැමරුම

70 වන සංවත්සරය

img20230327082402.jpg
img20230327082402.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

K.B.බන්දුල

අ/හුරුළුවැව වම්ඉවුර මහා විද්‍යාලයේ උතුරු මැද පළාතේ ගලෙන්බිදුනුවැව අධ්‍යාපන කලාපයේ ඉතා විෂිශ්ඨ පාසලක් ලෙස දීර්ඝ කාලයක් තුල කාගෙත් ජනාදරයට පාත්‍ර වී ඇති පාසලකි අනු/ගබි/ගබි/ හුරුළුවැව වම්ඉවුර මහා විද්‍යාලය. විනය ගරුකබවෙන් ද ගුණවත් කමින් ද ඔපවත් වන අප සිසු දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය උදෙසා විදුහල්පතිතුමා ප්‍රමුඛ අචාර්ය මණ්ඩලය විසින් පාසලට ආවේණික වූ මනා සැලසුමකට අනුව 1 – 13 ශ්‍රේණිය දක්වාම සුවි‌ශේෂි වූ කැපවීමකින් යුතුව ඉගෙනුම් ඉගැන්වීම් කාර්යයන් සිදු කරනු ලබයි.

                     ජාතික විභාහග වලින් මෙන්ම විෂය සමගාමි හා විෂය බාහිර තරගවලින් කලාප , පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියාපෑමට අප  විද්‍යාලය සමත්ව  ඇත හුරුළුවැවේ අග රැජිනිය නමින් විරුදා වලිය ලත් අප විද්‍යාලයේ දැයට දායාද කළ කීර්තිමත් ආදි ශිෂ්‍යාවෝ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටපුරා දසත විහි දී යමින් එරට දැය සමය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක නිරත වෙති ආදි සිසුන් මෙන් ම දෙමාපියන් ද ඉතා ලෙන්ගතුව පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වී කටයුතු කරනු දැකීම ආනන්ද ජනකය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සර්ථක කර ගැනීමට නූතන දියුණු තාක්ෂණික ක්‍රමවේද භාවිතයට ගනිමින් සිටින අප විද්‍යාලය අවම පහසුකම් මගින් හෝ ඉහළ ම පියවර තබන්නට වෙර දරන පාසලකි .

                   අප විද්‍යාලය සමග විවිධ පාර්ශව සමග අදහස් සන්නිවේදනය උදෙසා මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරමි මෙම වෙබ්  අඩවිය හා සම්බධ වී පාසලේ සංවර්ධන බා කීර්ති නාමය තවදුරටත් ඉහළ නැංවීමට සහයෝගය ලබා දෙන ලෙසත් මෙමගින් ඇරයුම් කරනු කැමැත්තෙමි.

                    මෙම කර්තව්‍යයේ සර්ථකත්වය උදෙසා කැපවූ සැමට තුති පුදන අතර හුරුළුවැව වම්ඉවුර විදු මාතාවගේ කිතු ගොස දින දින දසත පැතිරේවායි ප්‍රාර්ථනා  කරමි.

K.B.බන්දුල
නියෝජ්‍ය විදුහල්පති
අ/හුරුළුවැව වම්ඉවුර මහා විද්‍යාලය.